How to safe from Hackers (Hacking වලින් ආරාක්ෂා වෙමු )


Hello everyone. I hope that from my day-to-day blog, ya’ll learning different as well as new things. Today, I brought up another interesting topic which we will discuss as I write the article.
(Translation:- ඉතින් කොහොමද යාලුවනේ ,අපේ දිනපතා අලුත්වන blog ලිපි වලින්  ඔයාලගේ දැනුමට වගේම ,නොදන්නා දේවල් බොහොමයකුත් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා.ඉතින් අද මන් ඔයාලට ගෙනාවෙත් අන්න ඒ වගේ තවත් වැදගත් ලිපියක් ,එහෙනම් අපි ඒ ගැන වැඩි විස්තර මේ ලිපිය ලියන ගමන්ම සාකච්ඡා කරමුකො,)

I think all of you know that hacking, or the misuse of the internet, takes place rapidly every single day. Just think, if you happen to be one person from this group, what kind of loss all of us will be facing; in less than a few seconds we might lose things which we have used for years such as a website or social mediaaccounts such as Twitter, Facebook, YouTube, Instagram, Gmail, etc. So today I will be telling you some methods which we can self-study and use by ourselves when navigating the internet. Like I have said in most articles, many people say that we have to use different types of software, which I don’t say it’s wrong, but we trust ourselves more than anyone/anything else that is why I’m telling you about these methods.
(Translation:-Hacking ,එහෙමත් නැත්නම් මේ අන්තර්ජාලය අවභාවිතා කිරීම දිනකට ඉතාමත් සීඝ්‍ර වශයෙන් සිදුවෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ ,හිතන්නකො ඒ සිදුවෙන Hacking වලින් ඔයාලත් ඒ පිරිසගේ හෝ එක පුද්ගලයක් වුනොත්,අපිට කොයි තරම් පාඩුවක් සිදුවේවිද කියලා ,සමහරවිටඔයාලා අවුරුදු ගණනාවක් ඔයාගේ වෙබ් අඩවිය,Social Media නම් Twitter,Facebook,Youtube,Instagra,Gmail, වගේ Account අපිට එක තප්පර කීපයකින් නැතිව යන්න පුලුවන් නේද ,ඉතින් මන් අද ඔයාලට කියන්න යන්නෙ ඔයාලා වගේම මමත් අන්තර්ජාල භාවිතයේදී කරන්න පුලුවන් සරල අපිට අපි විසින්ම ස්වයං අධ්‍යයනයකින් හදා ගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් ගැන ,මන් බොහොමයක් ලිපිවල කියවපු දෙයක් තමයි ගොඩක් දෙනා මේකට එක එක Software භාවිතා කරන්න කියල අර්ථ දක්වල තියෙනවා ,මන් ඒවා වැරදි කියන්නෙ නෑ ,ඒත් තමන්ට තමන් විශ්වාසයිනේ අනික් හැමදේටම වඩා අන්න ඒ නිසයි මන් ඔයාලට මේ ක්‍රමවේදයන් කීපය කියලා දෙන්න හිතුවේ,)

Let's see what they are ,
(Translation:-එහෙනම් අපි දැන් බලමු ඒ මොනාද කියලා ,)



1. Build a strong password – Like in our day-to-day lives, we know that if we put a strong lock to our house doors, it will be very difficult to break it. Just like that, the passwords which we use for our accounts should be very powerful with an overall collection of letters, numbers and special characters (*, $, <, >). It has to have a minimum of 8 characters or more and shouldn’t contain words that we use a lot in our everyday language such as Love, Life, Good, Yes, Go, etc.
(Translation:- 1.Build a strong password (ශක්තිමත් මුරපදයක් යෙදීම ) - ඇත්තටම මේකත් අපේ සාමාන්‍ය ජීවිතයේදී වගේ ,අපි හැමෝම දන්නවනෙ අපේ ගෙදර දොරකට වුනත් ශක්තිමත් ඉබ්බෙක් (Lock) දැම්මොත් ඒක කඩන්න ගොඩාක් ලොකු ආයාසයක් දරන්න ඕනි කියලා ,ඉතින් මේකටත් ඒ Lock එක වගේම අපි දාන Password එක ඉතාමත් ශක්තිමත් එකක් වෙන්න ඕනි ,සරලවම කිව්වොත් එය අකුරු,ඉලක්කම්,අනිකුත් ඔයාල දන්න * ,$ , # වගේ Special characters වල එකතුවක් වෙනවනම් තමයි මෙහි නියම ශක්තිය එයට ලැබෙන්නෙ,ඒ වගේම මෙය අවම වශයෙන් characters 8 කට සමාන හෝ වැඩි වෙන්න ඕනි වගේම ,අපි එදිනෙදා ජීවිතයේදී දකින wවචන වල එකතුවක් නොවිය යුතුයි . (උදා :- Love,Life,good,yes,go).)



2.Change your passwords within approximately 3 months & never keep the same passwords to all of your accounts – This is a mistake which all of us do generally because, speaking the truth, all of us are somewhat lazy so to our comfort we use the same password in every account and some people who are busy all the time forget to change their passwordsfor two or three years. However, by putting some effort, we should change the passwordsat least every 3 months so that we can prevent from being hacked.
(Translation:- 2. Change your password within approximately three months & never keep same password to all of your accounts (අවම වශයෙන් මාස තුනකට වරක් මුරපදය වෙනස් කිරිම හා එකම මුරපදය account කීපයකටම ඇතුලත් නොකිරීම)  - මෙයනම් අපි හැමෝම පොදුවේ කරන වැරැද්දක් ,මොකද අපි බොහොමයක් දෙනා හරිම කම්මැලිනේ ඉතින් අපි අපේ පහසුවට කරන්නේ එකම Password එක හැම account එකටම දාන එක ,ඒ වගේම පෙලක් අය කාර්යබහුලත්වය නිසා අවුරුදු දෙක තුනකට වරක්වත් මුරපදය වෙනස් නොකර සිටීම ,ඉතින් ඇත්තටම අපි උනන්දුවෙන් ඒ දේ ආසන්න වශයෙන් මාස 3කට වරක් වෙනස් කලොත් අපිට මේ තත්වයෙන් ආරක්ෂා වෙන්න පුලුවන්,)


3.Delete your browser history – In case we are hacked, all our activities can be discovered in our browser history thus it is better to delete it which on the other hand, also allows faster internetnavigation.
(Translation:- 3.Delete your browser history (බ්‍රව්සරයේ පැරණි ක්‍රියාකාරකම් මකා දැමීම) - යම් විදියකින් අපිව Hack වුනොත් අපි කරපු හැමදෙයක්ම සොයාගන්න පුළුවන් ස්ථානය තමයි මේ browser history එක කියන්නෙ ,ඉතින් මෙය මකා දැමීම ඉතා වැදගත් වගේම ඔයාලගෙ අන්තර්ජාල ගමන වේගවත්කරන්න තවත් ලොකු උපක ාරයක්වෙනවා.)


4.Don’t use free Wi-Fi (public) – We all like to use free Wi-Fi but it can be very risky because we log into a zone which everyone has access so a lot of hackers, via this method, access your devices(Smart phones, Laptop, Tablet) and steal all your data.
(Translation:- 4.Don't use free wifi (public) - අපි හැමෝම කැමතියිනේ යාලුවනේ Free wifi භාවිතා කරන්න,ඉතින් එහෙම භාවිතා කරන එකත් බොහොමයක් අවදානම් වැඩක් ,මොකද ,අපි Log වෙන්නේ හැමෝටම access තියෙන wifi zone එකකට ,ඉතින් ගොඩක් Hackers ලා ලේසියෙන්ම මේ වගේ ස්ථානවලට ඇතුල් වෙලා ඒ හරහා ඔයාලගේ device එකට ,Smart phone,Laptop,Tablet ,වගේ ඕනෑම එකක තිබෙන තොරතුරු සොරකම් කරන්න පුලුවනි .)


5.Use HTTPS – You all might have noticed when we access a website, if it HTTP or HTTPS, which can be seen in the search bar. It creates a safe connection when we use the internet.
(Translation:- 5.Use HTTPS (https වලින් යුක්ත වෙබ් අඩවි සමග ගණුදෙනු කිරීම) - ඉතින් ඔයාලා දැකල තියෙනවනේ යාලුවනේ අපි  web site එකක් තුලට යද්දි අපි භාවිතා කරන web site  එක HTTP ද එහෙමත් නැත්නම් HTTPS ද යන්න අපිට ඉහළ search bar එකේ පෙන්නනවා ,ඇත්තටම මෙයින් වෙන්නෙ අපි අතර වගේම web site එක අතරත් අතිරේක ආරක්ෂණයක් ගොඩ නැගීමයි .එමගින් web site එකයි අපි අතරයි සිදුවෙන තොරතුරු ආරක්ෂා වෙනවා.)


6.Don’t put your passwords through the public computers – It is a common mistake that everyone does because if we don’t have the facility to access internetat home, we may use the office/ internet cafécomputers. This is also something which has to be avoided.
(Translation:- 6.Don't put your passwords through the public computers (පොදුවේ භාවිතාවන පරිගනක සඳහා ඔබගේ මුරපදය ඇතුලත් නොකිරීම ) - මෙයනම් බොහෝ දෙනා කරන සාමාන්‍ය වරදක් කිව්වොත් මන් නිවැරැදි ,මොකද අපිට අන් තර්ජාලපහසුකම් නොතිබීම හෝ අපගේ පහසුව තකා අපි office එකේ ,එහෙමත් නැත්නම් Internet cafe එකකට ගිහිම් අපේ අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කරනවා .ඉතින් ඇත්තටම මෙයත් අනිවාර්යයෙන්ම නොකල යුතු දෙයක් ,)


7. Keep your device under Anti-Virus protection – It is a “must” component and also when we attach external things such as USBand External Hard Disks, it can be very useful to protect us from threats. 
(Translation:- 7. Keep your device under Anti Virus protection (Anti Virus guard එකක් භාවිතා කරන උපකරණයට අන්තර්ගත කර තිබීම ) - මෙයනම් අත්‍යවශ්‍ය දෙයක් වගේම අපි බාහිරින් ගෙනෙන USB,External Hard disks වගේ දේවල් භාවිතා කරනවනම් මෙය අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක් ,)

That’s it for today my dear friends. I hope I was helpful to you and that you guys enjoyed reading my article. Pls comment below and lemme know any improvements, suggestions, criticise and ask any questions. You can also like our Facebook page and contact us. See ya’ll later.
(Translation:- ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාලා අදත් මගේ මේ ලිපිය කියවලා වැදගත් යමක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියල,ඒ වගේම  යාලුවනේ මේ post එක ගැන ඔයාලට හිතෙන දේවල් වගේම  ,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message හෝ Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් ඉතින් තවත් මේ වගේ අලුත් ලිපියකින්  අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ................................................................................................................)



Share

LATEST ARTICLES

Post a Comment