The Hardest 8 IT job roles to fill (තොරතුරු තාක්ෂණයේදී සොයා ගැනීමට අපහසුම එහෙත් විශාල ඉල්ලුමක් පවතින රැකියාවන් 10)


ඉතින් කොහොමද යාඅලුවනේ,තරමක් දිගු නිහැඬියාවකින් පසුව මන් අද ඔයාලට ගෙනාවේ තවත් ඉතාමත් වැදගත් ලිපියක් කිව්වොත් මන් නිවැරැදි ,ඒ වගේම මේ ලිපිය තොරතුරු තාක්ෂණය ගැන ඇල්මක් දක්වන බොහෝමයක් දෙනාට ,තමන්ගේ අනාගතය මේ ක්ෂේත්‍රයන් ගෙනයන්න සිහින දකින සියලුම දෙනාටත් වගේම ,දැනුම සොයන අපේ යාලුවන්ටත් මෙය ඉතාමත් වැදගත් ලිපියක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.ඉතින් එහෙනම් අපි මේ ලිපිය ලියන අතරතුර කතා කරමු.

ඔයාලා හැමෝම දන්නවනෙ යාලුවනේ IT (information technology) ,එහෙමත් නැත්නම් මේ තොරතුරු තාක්ෂණය අපේ ජීවිත වල කොටසක් වෙලා අවසානයි කියලා,ඉතින් අපේ බොහොමයක් යාලුවන්ගෙ සිහිනයක් තමයි IT Engineer කෙනෙක්,එහෙමත් නැත්නම් Software or Network Engineer කෙනෙක් වෙන එක,ඒත් අද වෙනකොට රැකියා  වෙළඳ පොළේ තියන තරගකාරීත්වය නිසා මන් අර කලින් සඳහන් කරපු රැකියා අවස්ථාවන් සීඝ්‍රයෙන් අඩූවෙමින් යනවා.ඒ උනත් යාලුවනේ ඇත්තටම අපි හිතුවොත් මේ රැකියා වෙළඳ පොළේ ඒහා සමානවම තරගකාරීත්වයක් නැති ,බොහොමයක් පුරප්පාඩු පවතින රැකියාවනුත් පවතිනවා.ඒ අතරින් මන් මේ කියන්න යන රැකියා අවස්ථාවන්ට IT ක්ෂේත්‍රයේ පවතින්නේ විශාල ඉල්ලුමක් වගේම මේ පුරප්පාඩු පිරවීමත් ඉතාම අමාරු තරමට මේ සදහා පිරිස අඩුයි,එහෙනම් අපි බලමු එකින් එක ඒ මොනාද කියලා .
click here ↑
HP Stream 14 inch Lightweight Laptop Intel 2.48GHz, 4GB RAM,32GB SSD, WebCam ,WiFi HDMI ,2016,Four colored,Windows 10 
197.95$ Only (60% off)

1. Help desk Staff - Help desk,එහෙමත් නැතිනම් අපට විවිධ සේවාවන් ලබා ගැනීමෙන්ව අනතුරුව,ඒ සම්බන්ධව ඇති ගැටලු වගේම වෙනත් තොරතුරු, දුරකථනය මාර්ගයෙන් වගේම අනෙකුත් සම්බන්ධ කරගත හැකි මාර්ගයන් ඔස්සේ ලබා දෙන්නන් ,ඇත්තටම මේ සදහා පිරිස අඩුවෙන්න බලපාන ප්‍රධානතම හේතුව තමයි ඔවුන්ගෙ සේවාවට සරිලන වැටුපක් නොලැබීමත් ,රැකියා අවස්ථාවේදී ඔවුන්ට අසන්න ,මුහුණ දෙන්න සිදුවන ගැටලුකාරී තත්වයන්,ඒ වගේම මෙය බොහෝමයක් සමාගම්වල අනාගතය තීරණය කරන ඒකකයක් කිව්වොත් මන් තවත් නිවැරදි,ඇත්තටම ඔයාලත් මේ රැකියාව තෝරාගන්න බලාපොරොත්තුවෙන කෙනෙක්නම් ඔයාලගෙ කථන හැකියාව වගේම ඒ ක්ෂේත්‍රය ගැන විශාල දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

2. CIO (chief information officer) / CTO (chief technology officer) - මේ ගැනනම් ඉතින් ඇත්තටම ඔයාලට කියන්න අවශ්‍ය නෑනෙ යාලුවනේ,මොකද ඉතිම් ඕනෑම ක්ෂේත්‍රයක නිවැරදි නායකත්වයක් සොයාගැනීම හරිම අපහසු කාර්යයක් කියලා අපි හැමෝම දන්නවනෙ,ඇත්තටම මේ රැකියාවට දැනුම ,සුදුසුකම් වගේම නායකත්ව ලක්ෂණයන්ගෙන් යුක්ත වීමත් අනිවාර්ය කාර්ණයක්,ඒත් මෙහිදි වැටුප් පිළිබඳවනම් අපි බිය විය යුතු නැහැ,මොකද ,මෙය ඉතාමත් ඉහල වැටුප් සහිත රැකියාවක්.

3. Project Manager - මෙයටනම් අනිවාර්යෙන්ම PMP (project management professional) කියන සහතිකය අත්‍යවශ්‍ය වෙනවා .ඒත් ඒ සහතිකය ගත් පමණින්ම ඔබ සුදුසුකම් ලත් පුද්ගලයකු නොවීම තමයි මෙම රැකියා අවස්ථාව පිරවීම ඉතා අපහසු වන්නේ ,මොකද මෙයට ඔයාලට project management experiense කියන දෙය ගොඩාක්ම බලපාන නිසා .

4. IT Trainer - ඉතින් යාලුවනේ මන් ඔයාලට මුලිනුත් කිව්වනේ තොරතුරු තාක්ෂණය අපට කොයි තරම් වැදගත්ද කියලා ,ඉතින් මේ පුළුල් පරාසයක විහිදුන තොරතුරු තාක්ෂණය තනි පුද්ගලයකු උගැන්වීම කොයි තරම් අපහසු කාර්‍යයක්ද මෙන්න මේ හේතුව නිසාමයි මේ රැකියා අවස්ථාවත් පිරවීම ඉතා අපහසු කාර්යයක් බවට පත්වෙලා තියෙන්නේ.

5. Pre-Sales Engineer - ඇත්තටම මෙවැනි රැකියා අවස්ථාවකදි තොරතුරු තාක්ෂණයට එහා ගිය වෙළඳ පොළ දැනුමක් වගේම, විශාල පරාසයක විහිදුණු කුසලතාවයන් බොහෝමයකින් සමන්විතවීම අත්‍යවශ්‍ය වෙනවා,සරලවම කිව්වොත් පුද්ගලයන් අතර ගණුදෙනු සිදු කිරීම සාර්ථකව කළ හැකි වෙළඳාම්වී කරුවෙකු වීම මෙහි ප්‍රධානතම සුදුසුකමයි වශයෙන් සලකන්න පුළුවනි.  

6. Specialized programmer - programming කරන අපේ යාලුවෝ බොහොමයක් දෙනා දන්නව මෙහි තිබෙන අමාරුකම,ඒත් ඒ අයට පුලුවන්නම් තමන් දන්න කොටසේ දක්ෂයෙක් වෙන්න,මෙය තමා එවැනි අයට වටිනාම රැකියාව,මොකද අපි හැමෝම උත්සහ කරන්නෙ programmer කෙනෙක් විදියට තමන් ඉගෙනගත් දෙයින් වැඩ කරන්න ,ඒත් ඒ පිළිබඳව  Specialized වීම කියන්නෙ ඔයාලට තිබෙන ඉල්ලුම ඉතාමත් වැඩි වීමයි.

7. IT author - අපි හැමෝම පොත් ලියන කතෘවරු ගැන කතා කරල තිබුනට,කවදාහරි හිතුවද මේ තොරතුරු තාක්ෂණික ලෝකයේ IT කතෘවරු,එහෙමත් නැත්නම් තාක්ෂණික Blog සහ ලිපි ලියන්නන්ට හොද ඉල්ලුමක් පවතිනවා කියලා,ඇත්තටම අද මෙම රැකියාව බොහෝමයක් වෙබ් අඩවි කරුවන්ගෙ ආදායම බවට පත්වෙලා අවසන්,ඇත්තටම මෙය බැලූ බැල්මට ඉතා පහසු කාර්යයක් ලෙස පෙනුනත් එය එසේ නොවන නිසයි මේ සදහා මේ තරම් විශාල ඉල්ලුමක් පවතින්නේ මන්ද ලිවීම අතින් අපි බොහෝදෙනා දක්ෂයන් වුනත් තාක්ෂණික වශයෙන් බොහෝමයක් කරුණු ඉතා දුර්වල වීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙනවා. 

8. Technical  writer - මෙයත් මන් අර කලින් කියු IT author හා තරමක් සමාන එහෙත් ඊට එහා කාර්යයක් සිදු කරන රැකියාවක් කිවහොත් මන් නිවැරැදි,මොකද ,Technical  writer කෙනෙකුගේ ප්‍රධානම කාර්යය වෙන්නේ ඔහු ලියූ තාක්ෂණික කරුණු දෙය අවසානයේ පරිශීලකයාට අවබෝධ කරගැනීමට හැකිවීමයි.ඇත්තටම මොවුන් යොදාගන්නේ නිෂ්පාදනවල අත්පොත් ලිවීමට සහ ඒවයේ කරුණු පැහැදිලි කිරීමටයි .ඉතින් මේ සදහා බොහෝමයක් සමාගම් පුද්ගලයන් බදවා ගැනීමට කැමති වුනත් මන් අර කලින් සඳහන් කරපු පරිශීලකයාට අවබෝධවීම එතරම් සාර්ථකව සිදු කිරීමට අපොහොසත්වීම නිසා මේ සඳහා ඉතා විශාල පුරප්පාඩු පවතිනවා.
click here 
New 32GB 32G USB 2.0 Memory Stick Flash Mini Thumb Drive BLUE 
7.99$ Only (2390 sold with 98.3 positive feedback)
ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාලා අදත් මගේ මේ ලිපිය කියවලා වැදගත් යමක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියල, ඒ වගේම මේ post එක ගැන ඔයාලට හිතෙන දේවල් ,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message හෝ Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් ඉතින් තවත් මේ වගේ අලුත් ලිපියකින්  අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ...........................................................................................................................

Share

LATEST ARTICLES

Post a Comment