The Top Mysteries things in Cloud Computing (Cloud Computing වල පවතින අභිරහස් දේවල් කීපයක්)


ඉතින් කොහොමද යාලුවනේ ,අදත් මන් ඔයාලට කියන්න යන්නේ තවත් වැදගත් ඒත් තරමක් අපි අතර කතා බහට ලක් නොවන මාතෘකාවක් ගැන,ඇත්තටම මෙය  IT ක්ෂේත්‍රයේ පවතින තවත් වැදගත් එහෙත් අදටත් අපි සියලු දෙනාට කුතුහලයක් දනවන කොටසක් කිවහොත් මන් නිවැරදි ,එහෙනම් යාලුවනේ අපි වැඩි විස්තර මේ ලිපිය ලියන අතරතුර කතා කරමු.

cloud computing, එහෙමත් නැත්නම් අපි අද මේ භාවිතා කරන අන්තර්ජාලයම දත්ත ගබඩා කර තබා ගැනීමේ මාධ්‍යක් ලෙස යොදා ගැනීම ,අද වනවිටත් ලෝකයේ බහුලවම සිදුවෙමින් පවතින්නේ එහි ඇති බොහොමයක් විශේෂාංග මෙන්ම වාසිදායක තත්වයන්ද හේතුකොටගෙනයි.එය එසේ වුවත් අද මෙම මාධ්‍ය තවත් අපට සිතීමට බොහොමයක් හිඩැස් ඉතිරිකර අවසන්,ඉතින් මන් අද ඔයාලට කියන්න යන්නේ මේ cloud computing වල අදටත් නොවිසඳුණු  අභිරහස් කීපයක් ගැනයි.
Advertisement
1. Who really pays for cloud - cloud computing වලට ගෙවීම් සිදු කරන්නේ කවුද ?, මෙය අදටත් ලෝකයේ සැඟවුණු අභිරසක් ,මන්දයත් මෙය පවත්වාගෙන යන සමාගම් බොහෝමයක් හෝ පුද්ගලයන්  බොහෝමයක් දෙනා තොරතුරු තාක්ෂණික දෙපාර්තුමේන්තු සදහා ගෙවීම් සිදු කරන්නේ Corporate Credit Card හරහා මගින් පමණක් වීමෙන්, මෙම සේවාව ලබා ගන්නා මූලික පුද්ගලයා කවුරුන්ද යන්න මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කරගැනීම අභිරසකි.

2.Cloud is really cheaper for the long run - cloud computing සදහා අපට මාසිකව හෝ වාර්ෂිකව යම් මුදලක් ගෙවීමට සිදුවීම එතරම් අලාභදායී ලෙස අපට නොහැගුනත් එය දීර්ඝකාලීන භාවිතයේදී අපට අයිතියක් නොමැති දෙයක් සඳහා දිගුකාලීනව ගෙවූ මුදලක් බවට පත්වී තිබීම තවත් එක් අභිරහසකි.

3. Who owns that intellectual property and the data in cloud computing - මෙම සේවාවේදි අපි කිසිදු කෙනෙකු නොදන්නා දෙය වන්නේ මෙම cloud සේවාව සපයන්නන්ගේ භෞතික සේවා ස්ථානය කුමක්ද,ඇත්තටම මෙම දත්ත ගබඩා කර තබා ගැනීමට ඇති නීතිමය හැකියාව මෙන්ම,එම දත්තයන්වල ඇති ආරක්ෂාව කෙසේද යන්නයි.එලෙසම මෙම සේවාව අත්හිටවීමෙන් අනතුරුවත් මෙම දත්තයන් මකා දමන්නේද එසේත් නැත්නම් එම තවදුරටත් තබා ගනිමින් පුද්ගලයන්ට බලපෑමක් ඇතිකිරීමට හැකිද යන්න මෙන්ම එමගින් මෙම දත්තයන්ගේ සැබෑම අයිතිකරුවා කවුරුන්ද යන්න අදටත් අභිරහසකි.

4. Data in the cloud actually safer than our own premises - සහතික කරන ලද Cloud සේවාවන් සපයන සමාගම් වල අපගේ දත්ත ගබඩා කිරීම තමන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලය යටතේ දත්ත ගබඩා කිරීමට වඩා සුරක්ෂිත බව නොරහසකි.එසේ වුවත් තමා සන්තකයේ ඇති තොරතුරු Cloud සේවාවන් හරහා ගබඩා කර තබා ගැනීම තමා සන්තකයේ තබා ගැනීම තරම් සුරක්ෂිතද යන වග ඉතා ගැටලුකාරී තත්වයකි.

5. The Most biggest data centers are energy resources or they are saving natural resourcesGoogle,Amazon,Microsoft,IBM වැනි බොහොමයක් cloud computing සේවාවන් සපයන ආයතන මිහිපිට පවතින තවත් විශාලතම ශක්ති ප්‍රභවයන් සහිත ස්ථාන බව අද වනවිටත් අප කාටත් නොරහසකි.එනමුත්,එමගින් cloud සේවාව සැපයීමට හැකි ප්‍රමාණය කිසිදු අයෙකුට නිශ්චය කළ නොහැකි සේම,එමගින් ස්වාභාවික ශක්ති ප්‍රභවයන්ට සිදුවන බලපෑම ගණනය කිරීම හෝ එහි ආරක්ෂා වීම සිදුවන්නේද යන්න තවත් cloud computing තුල පවතින අභිරහසකි.
Advertisement
ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාලා අදත් මගේ මේ ලිපිය කියවලා වැදගත් යමක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියල, ඒ වගේම මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දේවල් වගේම,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message හෝ Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් ඉතින් තවත් මේ වගේ අලුත් ලිපියකින්  අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ...........................................................................................................................

Share

LATEST ARTICLES

Post a Comment