WATCH AND DOWNLOAD NEW MOVIES ONLINE FOR FREE

The Top Mysteries things in Cloud Computing (Cloud Computing වල පවතින අභිරහස් දේවල් කීපයක්)


ඉතින් කොහොමද යාලුවනේ ,අදත් මන් ඔයාලට කියන්න යන්නේ තවත් වැදගත් ඒත් තරමක් අපි අතර කතා බහට ලක් නොවන මාතෘකාවක් ගැන,ඇත්තටම මෙය  IT ක්ෂේත්‍රයේ පවතින තවත් වැදගත් එහෙත් අදටත් අපි සියලු දෙනාට කුතුහලයක් දනවන කොටසක් කිවහොත් මන් නිවැරදි ,එහෙනම් යාලුවනේ අපි වැඩි විස්තර මේ ලිපිය ලියන අතරතුර කතා කරමු.

cloud computing, එහෙමත් නැත්නම් අපි අද මේ භාවිතා කරන අන්තර්ජාලයම දත්ත ගබඩා කර තබා ගැනීමේ මාධ්‍යක් ලෙස යොදා ගැනීම ,අද වනවිටත් ලෝකයේ බහුලවම සිදුවෙමින් පවතින්නේ එහි ඇති බොහොමයක් විශේෂාංග මෙන්ම වාසිදායක තත්වයන්ද හේතුකොටගෙනයි.එය එසේ වුවත් අද මෙම මාධ්‍ය තවත් අපට සිතීමට බොහොමයක් හිඩැස් ඉතිරිකර අවසන්,ඉතින් මන් අද ඔයාලට කියන්න යන්නේ මේ cloud computing වල අදටත් නොවිසඳුණු  අභිරහස් කීපයක් ගැනයි.
Advertisement
1. Who really pays for cloud - cloud computing වලට ගෙවීම් සිදු කරන්නේ කවුද ?, මෙය අදටත් ලෝකයේ සැඟවුණු අභිරසක් ,මන්දයත් මෙය පවත්වාගෙන යන සමාගම් බොහෝමයක් හෝ පුද්ගලයන්  බොහෝමයක් දෙනා තොරතුරු තාක්ෂණික දෙපාර්තුමේන්තු සදහා ගෙවීම් සිදු කරන්නේ Corporate Credit Card හරහා මගින් පමණක් වීමෙන්, මෙම සේවාව ලබා ගන්නා මූලික පුද්ගලයා කවුරුන්ද යන්න මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කරගැනීම අභිරසකි.

2.Cloud is really cheaper for the long run - cloud computing සදහා අපට මාසිකව හෝ වාර්ෂිකව යම් මුදලක් ගෙවීමට සිදුවීම එතරම් අලාභදායී ලෙස අපට නොහැගුනත් එය දීර්ඝකාලීන භාවිතයේදී අපට අයිතියක් නොමැති දෙයක් සඳහා දිගුකාලීනව ගෙවූ මුදලක් බවට පත්වී තිබීම තවත් එක් අභිරහසකි.

3. Who owns that intellectual property and the data in cloud computing - මෙම සේවාවේදි අපි කිසිදු කෙනෙකු නොදන්නා දෙය වන්නේ මෙම cloud සේවාව සපයන්නන්ගේ භෞතික සේවා ස්ථානය කුමක්ද,ඇත්තටම මෙම දත්ත ගබඩා කර තබා ගැනීමට ඇති නීතිමය හැකියාව මෙන්ම,එම දත්තයන්වල ඇති ආරක්ෂාව කෙසේද යන්නයි.එලෙසම මෙම සේවාව අත්හිටවීමෙන් අනතුරුවත් මෙම දත්තයන් මකා දමන්නේද එසේත් නැත්නම් එම තවදුරටත් තබා ගනිමින් පුද්ගලයන්ට බලපෑමක් ඇතිකිරීමට හැකිද යන්න මෙන්ම එමගින් මෙම දත්තයන්ගේ සැබෑම අයිතිකරුවා කවුරුන්ද යන්න අදටත් අභිරහසකි.

4. Data in the cloud actually safer than our own premises - සහතික කරන ලද Cloud සේවාවන් සපයන සමාගම් වල අපගේ දත්ත ගබඩා කිරීම තමන්ගේ පුද්ගලික කාර්යමණ්ඩලය යටතේ දත්ත ගබඩා කිරීමට වඩා සුරක්ෂිත බව නොරහසකි.එසේ වුවත් තමා සන්තකයේ ඇති තොරතුරු Cloud සේවාවන් හරහා ගබඩා කර තබා ගැනීම තමා සන්තකයේ තබා ගැනීම තරම් සුරක්ෂිතද යන වග ඉතා ගැටලුකාරී තත්වයකි.

5. The Most biggest data centers are energy resources or they are saving natural resourcesGoogle,Amazon,Microsoft,IBM වැනි බොහොමයක් cloud computing සේවාවන් සපයන ආයතන මිහිපිට පවතින තවත් විශාලතම ශක්ති ප්‍රභවයන් සහිත ස්ථාන බව අද වනවිටත් අප කාටත් නොරහසකි.එනමුත්,එමගින් cloud සේවාව සැපයීමට හැකි ප්‍රමාණය කිසිදු අයෙකුට නිශ්චය කළ නොහැකි සේම,එමගින් ස්වාභාවික ශක්ති ප්‍රභවයන්ට සිදුවන බලපෑම ගණනය කිරීම හෝ එහි ආරක්ෂා වීම සිදුවන්නේද යන්න තවත් cloud computing තුල පවතින අභිරහසකි.
Advertisement
ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාලා අදත් මගේ මේ ලිපිය කියවලා වැදගත් යමක් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඇති කියල, ඒ වගේම මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දේවල් වගේම,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message හෝ Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් ඉතින් තවත් මේ වගේ අලුත් ලිපියකින්  අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ...........................................................................................................................

Brief explanation of the Deep web (ඇත්තටම මේ Dark web එක කියන්නෙ මොකක්ද ?)



What’s up guys? Wishing you all a good weekend I thought of speaking about another interesting topic which has also been the base to some of my previous blogs. I guess that from the title you already know what I am going to speak about so let’s discover and I will let you know something important at the end of this article.
(Translation :- ඉතින් කොහොමද යාලුවනේ ,හැමෝටම සුබ සති අන්තයක් කියල ප්‍රාර්ථනා කරන ගමන් අදත් මන් මගේ දුටු නොදුටු blog එකෙන් ඔයාලා හැමෝටම තවත් කුතුහලයෙන් පිරුණු මාතෘකාවක් වගේම මගේ කලින් posts දෙකකටම පාදක උනු මාතෘකාවක් ගැන අදමන් කතා කරන්න ඕනි කියල හිතුවා ,ඉතින් දැන් ඔයාලා හැමෝම දන්නවනෙ ඒ මාතෘකාව මොකක්ද කියල ,එහෙනම් අපි ඒ ගැන වැඩි විස්තර වගේම ඔයාලට තවත් වැදගත් වෙන තොරතුරු කීපයකුත් මන් මේ ලිපිය අවසානෙට සඳහන් කරන්නම්කො,)

In this cyber space that we are navigating (or in “our” language: internet), we will never be able to find an end to it and also there are secrets which have been hidden from us. The Deep Web is the place where 96% of this hidden information is kept.
(Translation :-අපි මේ සැරිසරන සයිබර් අවකාශය (Cyber ​​space එක) ,එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න භාෂාවෙන් කිව්වොත් අන්තර්ජාලයේ (Internet) අපිට කිසිදාක කෙලවරක් සොයාගන්න නොලැබෙනවා වගේම ,බොහොමයක් රහස් අපෙන් සැඟවී පවතිනවා.ඉතින් අන්න ඒ රහස් වලින් 96% ක් පමණ වු විශාල ප්‍රමාණයක තොරතුරු වලට හිමිකම් කියන ස්ථානය තමයි මේ The Deep web කියල අපි හදුන්වන්නේ,)

Let’s see what this Deep Web’s structure looks like. It is something which both of us know… like an icebergin the middle of the deep ocean, or as you all might have seen the movie Titanic, where you see the top part as small but the lower part with a deeper range in the ocean. As you go deeper, it becomes darker, colder and your fear increases which is the same as the Deep Web which is turned out to be a place that surprises, increases our curiosity as well as fear. From the top, it can be divided into 5 parts which we will now discover.
(Translation :-හරි යාලුවනෙ එහෙනම් අපි බලමු මේ Deep web එකේ වියුහය (Structure) ඇත්තටම මොන වගේද කියලා,මේක හරියට ඔයාලා අපි කවුරුත් දන්න මහ සාගරය මැද තියෙන අයිස් කුට්ටියක්/පරයක් (Ice berg එකක් ) වගේ,ඉතින් ඔයාලා හැමෝම බලලා ඇතිනෙ Titanic Movie එක අන්න ඒකෙ පෙන්නනව හා සමාන පිටතින් ඉතා කුඩාවට පෙනෙන ගැඹුරට ඉතා විහිදුන පරාසයක් සහිත කොටසක්,අන්න ඒ වගේ තමයි අපි මේ කතා කරන Deep web එකත් ,අපිට ගැඹුරට යනකොට කළුවර,සීතල වගේම භීතිය තැති ගැන්ම වැඩි වෙනවා වගේම මේ Deep web එකත් අපිව පුදුමයටත් ,කුතුහලයටත් වගේම භීතියටත් පත් කරන ස්ථානයක් වෙලා අවසන් ,ඉතින් මේක ඇත්තටම පටන් ගැන්මෙ ඉදලා අපිට කොටස් පහකට අර්ථ දක්වන්න පුළුවන් යාලුවනේ,එහෙනම් අපි ඒවත් එකින් එක විස්තර කරන් ඉමු .)


Level 1 (Top layer) – This is the part which we use to navigate the internet, in simple words, browsers such as Chrome, Yahoo and Bing. As we can find anything we need with such browsers, there is no difference in this layer as it doesn’t hide anything from any of us.
(Translation :- Level 1 (මුදුන් ස්ථරය ) - මේ තියෙන්නෙ ඔයාල මම එදිනෙදා අන්තර්ජාලයේ සැරිසරන්න යොදා ගන්නා කොටස ,සරලවම කිව්වොත් Chrome,Yahoo,Bing වගේ සාමාන්‍ය browser එකක් භාවිතා කරල අපිට  අවශ්‍ය ඕනෑම දෙයක් හොයාගන්න පුළුවන් නිසා ,ඇත්තටම මෙහි ඔයාලටත් මටත් කිසිම වෙනසක් නැහැ මොකද මෙහි සැගවුණු කිසිවක් නොමැති නිසා .)

Level 2 (The first layer we encounter under the water below the top layer) – This is the point where the Deep Web begins. In order to access it we need to use a Tor Browser because it is reserved only for deep web surfers.
(Translation :-Level 2 (මුදුන් ස්ථරයට පහතින් ඇති වතුර යටදී අපට හමුවන පළමු කොටස) - මේ කොටසෙ ඉදලා තමයි යාලුවනේ අපි මේ කතා කරන Deep web එක පටන් ගන්නේ ,ඇත්තටම මේ කොටසට පිවිසෙන්නනම් අපිට Tor browser එක භාවිතා කරන්නම වෙනවා,මොකද මෙය අවසර ඇති පුද්ගලයන්ට (only for deep web surfers) පමණක් වෙන්වුනු කොටසක් නිසා.)

Level 3 (Layer which same as the middle of an ice chunk/ice berg) – Any information which is found here onwards is not legal. This part is hard to find and also it is dangerous to extract information.
(Translation :-Level 3 (අයිස් කුට්ටියේ/පරයක මැද හා සමාන වූ කොටස) - මෙතැන් පටන් ඔයාලට හමුවෙන හැම තොරතුරක්ම පාහේ නීතිමය නොවන ඒවා,ඉතින් මේ කොටස ඇත්තටම සොයා ගන්න තරමක් අමාරුයි වගේම මෙහි තොරතුරු ලබා ගැනීමත් බොහොම භයානකයි.)

Level 4 (Layer where we can see the part before the deepest end) – Here we can see illegal activities such as child abuse, human trade and weapon trade. Due to this reason, the government of the United Kingdom is always keeping an eye on this part.
(Translation :-Level 4 (අපිට ගැඹුරුම අන්තයට පෙර දකින්න ලැබෙන කොටස) - මෙහිදි ඇත්තටම අපිට දකින්න ලැබෙන්නෙ ලමා අපචාර ,මිනීමස් වෙළඳාම,අවි ආයුධ වෙළඳාම වගේ නීතියෙන් ඉතාමත් වසන්ව කරන ක්‍රියාකාරකම්,ඒ වගේම අනිවාර්යයෙන් මතක් කළ යුතුයි මේ හේතුව නිසාම මේ කොටස පිළිබඳව එක්සත් රාජධානිය රජය සෑමවිටම ඇස යොමාගෙන සිටිනවා .)

Level 5 (The deepest layer which has currently been discovered) – Like I have mentioned before, there are only illegal activities taking place in the level 3 and level 4, so this is the kingdom of the Hackers which is known as the Dark Net. If you go until this level, and if you don’t know anything about hacking (frankly if you don’t know hacking you can’t access this layer), you will definitely be one of their victims and you won’t be able to believe anything which is taking place there.
(Translation :-Level 5 (දැනට සොයාගෙන ඇති ගැඹුරුතම ස්ථානය) - ඉතින් මන් ඔයාලට කලිනුත් සදහන් කලානෙ මේ Level 3 සහ Level 4 න් පසුව අපි එහි ගත කරන්නෙ නීතිමය නොවන තත්වයන් යටතේ කියල,ඉතින් මේ තමයි අන්තර්ජාල සොරුන්,එහෙමත් නැත්නම් Hackers ලගෙ රජ දහන (The Dark net) කිව්වොත් මන් නිවැරදි ,මොකද මේ කොටස දක්වා ඔබ ගියොත් ඔබත් Hacking නොදන්න කෙනෙක්නම් (අවන්කවම ඔබට Hacking නොදැන මෙයට පිවිසීමට හැකියාවක් නැහැ☺) ඔබ ඔවුන්ගේ ගොදුරක් බවට පත්වෙන එක නියතයි, ඒ වගේම එහි සිදුවන කිසිදු දෙයක් ඔබට විශ්වාස කළ නොහැකි.)

So my friends, this is the summary and also the information that currently many people are aware regarding the Deep Web. However, this has also a positive side but, as I discussed earlier, many people use it in the wrong manner so I request all of you to use this only in the right way. Also, like I have said in my previous articles, some people believe that there is a place beyond the Dark Net which is known as the Mariana Web (The Deepest Web Myth).
(Translation :- ඉතින් යාලුවනේ මේ තමයි Deep web එක පිළිබඳව දැනට බොහෝ පිරිසක් දන්නා තොරතුරු වගේම එහි යථාර්ථය , ඒත් ඇත්තටම මෙහි නරක වගේම හොද පැත්තකුත් නැතුවාම නෙමෙයි,ඒ වුනත්  බහුතරයක් මෙය භාවිතා කරන්නේ මන්න අර උඩදි සඳහන් කලා වගේ නරක අතටයි,ඉතින් මන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා මේ දේවල් හොද දේට පමණක් භාවිතා කරන්න කියලා,ඒ වගේම මන් මගේ කලින් ලිපියකින් ඔයාලට සදහන් කලා බොහෝ දෙනා විශ්වාස කරන අන්දමට Dark net එකට වඩා එහා ගිය තවත් ගැඹුරුතම ස්ථානයක් පවතින බවට, එය බොහෝදෙනා  Mariana web (The Deepest web myth)  ලෙස හදුන්වන බවත් කියල,ඉතින් ඔයාලට ඒ ගැනත් කියවන්න පුළුවන් ,ඒ වගේම  යාලුවනේ මේ post එක ගැන ඔයාලට හිතෙන දේවල් වගේම  ,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message කරන්න,Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා ................................................................................................................)



Marianas web - The Deepest web Myth (Deep web හි ගැඹුරුතම ස්ථානය ගැන ඔබ නොදත් කරුණු )



Hello everyone. Today I was wondering about a topic which I could share with you guys. As a result of my thinking, I thought of telling you something more regarding the deep web, which many believe it’s a myth, the Marianas web; in other words the deepest part of the deep web.
(Translation:-ඔන්න අද මන් ඔයාලට තවත් ලිපියක් ලියන්න ඕනි කියල හිතුවා ,ඉතින් එකේ ප්‍රතිඵලයක් විදියට මන් හිතුව ඔයාලට Deep web එකට වඩා එහාට ගියපු ,මිතයාවක් (Myth) විදියට ගොඩ දෙනෙක් විශ්වාස කරන  මරිආනස් වෙබ් (Marianas web) එක,එහෙමත් නැතිනම් Deep web එකේ ගැඹුරුම කොටස  ගැන පොඩි විස්තරයක් කියන්න ඔනි කියලා.)

Now, many of you know what this deep web is and what it contains but what we do not know is what Marianas web is. At the same time, you might also wonder why it is named like this… well, the main reason, for it to be named Marianas web, is the world’s most known Mariana Trench. This, my dear friends, is the deepest place in the ocean so as this is also the deepest place in the web it was called Marianas web. However, nobody speaks about this part of the web because, still today, no one has been able to access it as the amount of services and computers are not sufficient.
(Translation:-ඉතිම් යාලුවනෙ ඔයාල ගොඩක් දෙනෙක් දන්නවනෙ මේ Deep web එක කියන්නෙ මොකද්ද ,එහි අන්තර්ගත වෙන්නෙ මොනාද කියල, ඒත් ඉතින් මේ මරිආනාස් වෙබ් (Marianas web) කියන්නෙ මොකක්ද? ඇයි ඒ නම ආවෙ කියල ඔයාලට හිතෙන පුලුවන්......... ඇත්තටම මේකට මරිආනස් වෙබ් (Marianas web) කියලා නම වැටෙන්න ප්‍රධාන හේතුව තමයි අපි හැමෝම දන්න මරියානා ආගාධය (Marianas trench),ඒ කියන්නෙ යාලුවනේ මුහුදේ ගැඹුරුම ස්ථානය මරිආනා  ආගාධය (Marianas trench) වගේ අන්තර්ජාලයේ ගැඹුරුම ස්ථානය මෙය නිසා ඔවුන් මරිආනස් වෙබ්  (Marianas web)  යන නම පටබදින්න හේතුව එය වුනා , ඒත් ඉතිම් ගොඩක් අය මරිආනස් වෙබ් (Marianas web) පිලිබඳව අදහස් නොදැක්වීමට හේතුව එය සොයාගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයකු සමත්වී නොතිබීමත් ,එයට යාමට දැනට ලෝකයේ පවතින අන්තර්ජාල සේවාවන් සහ පරිඝණක ප්‍රමාණවත් නොවීමත් යන කරුණුයි.)

Moreover, many internet service providers believe that Marianas web may contain a vigorous artificial intelligence with a high profile. Yet, it is believed by many to be a myth because its nature is still not considered by the web and also it has a digital technology which cannot be counted.
(Translation:-එහෙත් අන්තර්ජාල සේවාවන් සපයන බොහෝ පුද්ගලයන් විශ්වාස කරන අන්දමට Marianas web හි පැවතිය හැක්කේ ආවේගශීලී වු කෘතීම බුද්ධියකින් (Artificial Intelligence) සමන්විත  සුපිරි බුද්කාධියකින් හෙබි කාන්වතාකගේ ආකෘතියක් බවයි.එහෙත් එම ස්භාවය අන්තර්ජාලය නොසලකා හැරි ගණනය කල නොහැකි ප්‍රමාණයේ ඩිජිටල් තාක්ෂණයකින් අන්තර්ගතවීමෙන්  මෙය හුදෙක් මිතයාවක් ලෙස සැලකීමට  බොහෝ දෙනා  යොමුවී තිබෙනවා.)
 That’s it for today my dear friends. I hope I was helpful to you and that you guys enjoyed reading my article. Pls comment below and lemme know any improvements, suggestions, criticise and ask any questions. You can also like our Facebook page and contact us. See ya’ll later.
(Translation:-ඉතින් යාලුවනෙ ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් වගේම,තව ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හම්බවෙනකම්  හැමෝටම සුබ දවසක් ..........)